ඊයේ අපි දැනගත්තා  “Have you seen”
පාවිච්චි කරන්නේ කොහොමද කියලා,

මේ කියලා දෙන ක්‍රමය අවුල් කියලා හිතෙන අය පොඩ්ඩක් ඉවසීමෙන් දවසින් දවස මෙහෙම යං, දන්න කියන කාලේ ඉඳන් උත්සාහ කළාට මේ මඟුල දමලා ගහපු එකනේ කලේ, වෙනසකටත් එක්ක මෙහෙම යං, තව මාස තුනක් වගේ යද්දී අනිවාර්යයෙන්ම මේ ක්‍රමය සාර්ථකද කියලා අපිට බලාගන්න පුළුවන්, එතකං…….

2017, 2018,2019 කියලා එකක් නෑ
මගේ කොල්ලෝ ටික මෙතනින් හෙල්ලෙනවද?
උඹලට ඉවසන්න පුළුවන් නේද?
මගේ කෙල්ලෝ ශක්තිමත් ද?
උඹලා ඔක්කොම කඩ්ඩ ගොඩදාගන්නවා නේද?
අර සතා කෑගහනවා ඇහුණා නම් ගොඩ ඈ, නැත්නම් ඉතින් බිලි පූජාවක් වත් දෙන්න වෙනවා මහත්තයෝ……. 💛💛💛💛💛

Have you seen / Did you see

අම්මේ මගේ ශර්ට් එක දැක්කද?
Amma did you see my shirt?  කියලත් අහන්ඩ බැරිද? ඒක වැරදිද එහෙනම්, 😏

හරි මෙහෙමයි මේ දෙකම හරි, සීන් එක කියන්නේ මේ දෙක පාවිච්චි වෙන අවස්ථා අනුව අහන්ඩ ඕන එක වෙනස් වෙන එක,ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි.

ශර්ට් එක ඔයාට මේ දැන් ඕනේ ඔයා ඒක හොයන ගමන් ඉන්නේ මේ වෙලාවේ ඔයාට තිබ්බ තැන මතක නැතුව පණ දාගෙන හොයන ගමන් අම්මගෙන් අහන්නේ දැක්කද කියලා සෙනිකෙට වැඩේ කරගන්න, තේරුණා නේ, ඒ කියන්නේ මේ වෙලාවෙත් ඒ ක්‍රියාව සම්බන්ධ යි.(ක්‍රියා ව තවම ඉවර නෑ)

දැන් හවස ගෙදර එනකොටම දකිනවා පත ගහක් කඩන් වැටිලා, ගෙදරට බයික් දානකොටම අල්ලපු ගෙදර නංගී අහනවා අයියණ්ඩි අයියණ්ඩි පාරේ ගහක් පතබෑවී තිබුණා ඔබ දැක්කෙහිද කියලා, ඔව් දැක්කා ඇයි මට බ්රෙඩ් ද කියලා ඔයා යනවා, ඒ කියන්නේ ඒ අවස්ථා මේ මොහොත වෙන කොට වෙලා ඉවරයි. ඒක තව දුරටත් වෙන්නේ නෑ ඒ වැඩේ ඉවරයි, එක පාරක් උණා මේ මොහොත වෙද්දී ඒක ඉවරයි. (එක පාරක් උණා, ඒක එතනින් ඉවරයි)
මේ උදාහරණ ටික බලන්න,

මගේ පොත දැක්කද?
ඊයේ අරයාගේ වන්ඩිය දැක්කද?
මේ පොල් බෑය දැක්කද මනුස්සයෝ?
අලුතින් ආපු ඇඩ් එක දැක්කද?

did you see – the simple past tense අතීත කාල ක්‍රියාවකි

have you seen – the present perfect tense වර්තමානය හා බැදුණු අතීත කාල ක්‍රියාවකි.

යම් කිසි ක්‍රියාවක් අතීතයේ සිදු වෙලා ඒක තව දුරටත් වර්තමානයට හෝ අනාගතයට දකින්න නොහැකි නම් එම ක්‍රියාව අපි විස්තර කරන්නේ past tense වලිනුයි. යම් කිසි ක්‍රියාවක් ඕනෑම වෙලාවක දකින්න පුළුවන් නම් එය වර්තමානයට හා අනාගතයට අදාල වෙනවනම් අපි භාවිතා කළ යුත්තේ present perfect tense වේ.

have you seen my shirt? …… ඔයා මේ ප්‍රශ්නය අහන කෙනාගෙන් අහන්නේ දැන් හෝ ඊට ටික වෙලාවකට කලින් හෝ මාසයකට කලින් හරි shirt එක දැක්කද කියලා මොකද ඒක ඔයාට මේ මොහොතේ ඕන කරන නිසා, මීට අවුරුද්දකටකලින් හරි අවුරුදු දහයකට කලින් හරි ඔයා ළග තිබ්බ දෙයක් දැක්කද කියලා අහන්න did you see කියලා ඇහුවට ප්‍රශ්නයක් නැහැ. අවස්ථානුකුල ඉංග්‍රීසි හසුරවීමට තවත් එක උදාහරණයක් තමයි මේ.

එහෙනම ඊළඟ දවසේ හමුවෙමු. ඔබට ජය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Leave a Reply

Your email address will not be published. Required fields are marked *