අපි ගොඩක් අය කඩ්ඩ නොදන්නවා නෙවෙයි, ප්රශ්නේ තියෙන්නෙ කථා කරන්න ගියාම වරදීද, ලැජ්ජා වෙන්න වෙයිද කියලා හීන මානයක් විතරයි, සටපට සටකපට කියලා කථා කරන්න ආස උණත් ඉංගිරිසි වල අග මුල හොයාගන්ඩ බැරි සීන් එකක් නේ අපට තියෙන්නේ,
හරි එහෙනම් පළවෙනි පාඩම,
I , you, we, they
Is, am, are
😂😂😂😂😂😂😂😂😂😂
පිස්සු හැදෙයි, ඒ වෙන ක්ලාස් වල ළමයි
හරි අපි පටන් ගමු මෙහෙම 😊
“Have you ……..”
දන්නවද පිරිමියෙක් ගේ ශබ්ද කෝෂයේ වැඩිපුරම පාවිච්චි වෙන, ගැහැණු අපිට එපාම කරපු, අම්මා, අක්කා, නංගී, බිරිඳ, දුව එකී නොකී හැමදෙනාටම පොදුවේ එපාම කරපු වචනේ මොකද්ද?
.
.
.
.
.
.
.
.
.
.
හොල්මන් වගේද, ඔව් ඇත්තටම එහෙම වචනයක් තියෙනවා, 😏
මෙලොව පිරිමි සියල්ලන්ටම එකා මෙන් තියෙන ලොකුම ප්රශ්නේ…………….
කිසිදෙයක් තනියෙන් හොයාගන්ඩ බැරි එක, දවසට කී පාරක් අහනවද මෙහෙම,
අම්මේ මගේ සුදු ශර්ට් එක දැක්කද?
ඕයි තමුසේ මගේ මේස් දෙක දැක්කද?
ඒයි මගේ ලයිසන් එක දැක්කද?
ප්ෆ්ෆ්ෆ්…..
යු මෙන් කාන්ට් ෆයින්ඩ් එනිතිං 😑😑😑
හරි එහෙනම් අද ඉඳන් එතනින් පටන් ගමු, දැන් කඩ්ඩෙන් දෙන්නේ කඩ්ඩෙන්,
හරි මෙහෙමයි දැන් ගෙදර කාන්තා පාර්ශවය සප්රා…….යිස් කරන්නේ, හැබැයි මේක නිකං කින්ඩියට, ජෝක් එකට දීලා බෑ හරිද ඒකත් මුලින් කියන්නම්, ටිකක් සීරියස් එකේ කියන්න ඕනේ….
1.අම්මේ මගේ සුදු ශර්ට් එක දැක්කද?
Amma do you see my white shirt?
2.ඕයි තමුසේ මේස් දෙක දැක්කද?
Oi, you saw my socks?
😐😐😐😐😐😐 මෙහෙම නෙවෙයි අහන්නේ, මෙන්න මෙහෙමයි
Question mode;
1.අම්මේ මගේ සුදු ශර්ට් එක දැක්කද?
Amma have you seen my white shirt?
2.ඕයි තමුසේ මේස් දෙක දැක්කද?
Oi, have you seen my socks?
හරි දැන් ගැහැණු ළමයි සෙට් එක බිශනේ දාන්න එපා අපි කියලත් වෙනසක් නැහැනේ, අම්මා නැතුව අපිට දෙයක් හොයාගන්න පුළුවන්ද? බෑනේ බෑනේ ඒ වගේම තමයි දැන් අර සෙට් එක නිකමට හරි කඩ්ඩෙන් ඇහුවොත් අරම අපි කොහොමද උත්තර දෙන්නේ……..?
Answer mode;
මේ අපි කථා කරන්නේ present perfect tense ගැන ඒ කිවුවේ මොකද්ද කියලා අපි ඊළඟ දවසේ බලමු.
දැන් එහෙනම් මේ Have you seen එදිනෙදා පාවිච්චි කරන්න පුරුදු වෙන්න, ලෝකේ කථා කරන්න ලේසීම භාශාව ඉංග්රීසි හැබැයි අපිට බැරිමත් ඕකමයි. හැබැයි හරියට දැනගත්තොත් ගොඩක් උදව් වේවි 💛💛💛💛