කලින් අපි දැනගත්තා  “Have you received”
පාවිච්චි කරන්නේ කොහොමද කියලා, මේ කියලා දෙන ක්‍රමය අවුල් කියලා හිතෙන අය පොඩ්ඩක් ඉවසීමෙන් දවසින් දවස මෙහෙම යං, දන්න කියන කාලේ ඉඳන් උත්සාහ කළාට මේ මඟුල දමලා ගහපු එකනේ කලේ, වෙනසකටත් එක්ක මෙහෙම යං, තව ටික කාලයකින් අනිවාර්යයෙන්ම මේ ක්‍රමය සාර්ථකද කියලා අපිට බලාගන්න පුළුවන්, එතකං…….

2017, 2018,2019 කියලා එකක් නෑ
මගේ කොල්ලෝ ටික මෙතනින් හෙල්ලෙනවද?
උඹලට ඉවසන්න පුළුවන් නේද?
මගේ කෙල්ලෝ ශක්තිමත් ද?
උඹලා ඔක්කොම කඩ්ඩ ගොඩදාගන්නවා නේද?
අර සතා කෑගහනවා ඇහුණා නම් ගොඩ ඈ, නැත්නම් ඉතින් බිලි පූජාවක් වත් දෙන්න වෙනවා මහත්තයෝ……. 💛💛💛💛💛

Have you seen / Did you see

තාමත් මේ පොඩි ළමයි අම්මලාට දවසට කොච්චර වද දෙනවද? අම්මේ අරක දැක්කද? මේක දැක්කද? අපි බලමු මේක හරියටම අහන්නේ කොහොමද කියලා බලමු.

අම්මේ මගේ ශර්ට් එක දැක්කද?
Amma, Have you seen my shirt? කලින් ඉගෙන ගත්ත විදිහට මේක දැන් නතිං,

Amma did you see my shirt?  කියලත් අහන්ඩ බැරිද? ඒක වැරදිද එහෙනම්, 😏

හරි මෙහෙමයි මේ දෙකම හරි, සීන් එක කියන්නේ මේ දෙක පාවිච්චි වෙන අවස්ථා අනුව අහන්ඩ ඕන එක වෙනස් වෙන එක,ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි.

ශර්ට් එක ඔයාට මේ දැන් ඕනේ ඔයා ඒක හොයන ගමන් ඉන්නේ මේ වෙලාවේ ඔයාට තිබ්බ තැන මතක නැතුව පණ දාගෙන හොයන ගමන් අම්මගෙන් අහන්නේ දැක්කද කියලා සෙනිකෙට වැඩේ කරගන්න, තේරුණා නේ, ඒ කියන්නේ මේ වෙලාවෙත් ඒ ක්‍රියාව සම්බන්ධ යි.(ක්‍රියා ව තවම ඉවර නෑ)

දැන් හවස ගෙදර එනකොටම දකිනවා පත ගහක් කඩන් වැටිලා, ගෙදරට බයික් දානකොටම අල්ලපු ගෙදර නංගී අහනවා අයියණ්ඩි අයියණ්ඩි පාරේ ගහක් පතබෑවී තිබුණා ඔබ දැක්කෙහිද කියලා, ඔව් දැක්කා ඇයි මට බ්රෙඩ් ද කියලා ඔයා යනවා, ඒ කියන්නේ ඒ අවස්ථා මේ මොහොත වෙන කොට වෙලා ඉවරයි. ඒක තව දුරටත් වෙන්නේ නෑ ඒ වැඩේ ඉවරයි, එක පාරක් උණා මේ මොහොත වෙද්දී ඒක ඉවරයි. (එක පාරක් උණා, ඒක එතනින් ඉවරයි)
මේ උදාහරණ ටික බලන්න,

මගේ පොත දැක්කද?
අලුතින් ආපු ඇඩ් එක දැක්කද?

උත්තර කමෙන්ට් කරන්න, පත දිග හෑලී ලියලා වැඩක් නෑ බොලා කියවන්නෙ නෑ කියලා මං දන්නවා, වැරදි අඩු පාඩු, දැනගන්න ඕන ඒවා, අහන්ඩ තියෙන ඒවා කමෙන්ට් කරන්න, අනිත් එක කියවද්දී දරුවනේ ටිකක් හිමින් කියවන්න, පොඩ්ඩක් දාන්නේ ඒකයි, මුල් ටික තේරුණා ම අනික් ඒවා නතිං 💜💜💜

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Leave a Reply

Your email address will not be published. Required fields are marked *