මේ පෝස්ට් සෙට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඉංග්‍රීසි කථා කරන්න පොඩි තල්ලුවක් දෙන්න, දැන් ඇති එහෙනම් අපි බලමු පළවෙනි පාඩම…….

I am
You are
They are
She is
He is
It is

එර්ර්ර් හැමදාම මෙහෙම නේද පටන් ගත්තේ. දැන් අපි ටිකක් අලුත් විදිහට පටන් ගමු. එදිනෙදා අපිට ඕන ඉංග්‍රීසි ටික ගොඩ දාගමු. ඊට පස්සෙ අපි අනික් ඒවා බලමු.

මේ දවස් ටිකේ මොකද්ද අපේ ප්‍රධාන මාතෘකාව,

“ඇඩ්මිශන් ආවද? “

කොහොමද මේක යාළුවෙක් ගෙන් අහන්නේ,

Admission came Da?
Do you got admission letter?
Did you receive admission?

මෙහෙමද? ඉස්සර මං නම් මෙහෙමයි, ඉංග්‍රීසි වලින් මොකෙක් හරි මොනවාහරි ඇහුවොත් පණ බයයි. යා යා කියලා ශේප් එකේ මාළු වෙනෝ. ඉස්කෝලෙ කාලේ, පන්ති කාලේ, ඌරොන්ට මොන health ද කියලා හිටියට, A/ L වලින් පස්සෙ private ඉන්සිස්ටියුට්, ඔය තාමත් කියන්න අමාරුයි වගේ. යන්න පටන් ගත්ත ගමන් හිර උණා, හරියට ඔයාලා වගේ. ඔන්න අද 😂😂😂 ඒ නිසා සැලෙන්න එපා, සැලිලා සැලිලා ජීවිතේ දිනන්න බෑ දරුවනේ.

හරි දැන්

ඔයාට ඇඩ්මිශන් ලියුම ලැබුණද?

Have you received admission letter?

Have – ?
You – ඔයාට
Received – ලැබුණද?
Admission letter – ඇඩ්මිශන් ලියුම

මොකද්ද මේ have කියලා කියන්නේ?  මෙන්න මේක තමයි වැදගත්, කෑවද? බිවිවද? කියලා අපි අහන ප්‍රශ්න මේ මොහොතට සම්බන්ධ නම් English වලින් අහද්දි මුලට have දාලා අහන්ඩ ඕනේ, මං මොනා කරන්නද සොයුරු සොයුරියනේ අරගොල්ලන් ගේ නීති නේ, හරි එහෙනම් මෙතනින් පටන් ගමු,

  1. Have you received the order?
    ඔයාට ඕඩර් එක ලැබුණද?
  2. Have you ordered anything online?
    ඔයා ඔන්ලයින් මොනවාහරි ඕඩර් කළාද?
  3. Have you collected the receipts?
    ඔයා රෙසිප්ට්ස් ටික එකතු කර ගත්තද?

තව ඉස්සරහට කියන්නම් ඉතිරි ඒවා,  අදට මෙච්චරයි, දිගටම යමුද එහෙනම්, English අමාරු නෑ ළමයි, තව කෙනෙක් කියන දේ
තේරෙනවා නම් ඇයි අපට කථා කරන්න බැරි, අපි ට මුල මැද අග අල්ලගන්න බෑ, ඒකයි සමාවෙන්න ඕනේ මං මේ එක්ක යන්නේ මුහුද මැද්දට ගිහින් අතහැරල එන්න, පීනන්න කියලා දිදී ඉන්න වෙලා නෑ, මහ මුහුදේ අතපය ගහලා කොහොම හරි ගොඩට එන්න. පාර විතරක් පෙන්නන්නම්, එහෙනම් කොහොමහරි හොඳට ඉගෙන ගෙන දෙමව්පියෝ ගොඩ දාන්න දරුවනේ. සදා ජය, හෙට එන්නාම් 😍💙💚

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Leave a Reply

Your email address will not be published. Required fields are marked *