මට කියන දේ තේරෙනවා ඒත් මට කථා කරගන්න බැහැ ඒයි.  😎😎😎
ඔයත් මෙහෙම කියනවද? 🙊🙉🙈

අපි ගොඩක් අයට මේ ප්‍රශ්නය තියෙනවා නේද? එහෙම කොහොමද වෙන්නේ, ඒ ඇයි කියලා හිතලා තියෙනවාද? හ්ම්ම්….

මිනිස් මොළයේ විස්කම් ගැන ඉතින් මේ පෝස්ට් එකෙන් කියලා ඉවර කරන්ඩ බැහැ නොවැ, මැරිලා දිව්යලෝකෙ ලැබෙන දේවලුත් ඉමැජින් කරගන්ඩ පුලාන් කියන්නේ, ඉතින් යම් කිසි දෙයක් තමන්ට තේරෙනවා කියන්නේ ඒ අනිච්ඡානුග ක්‍රියාවලියක ප්රථිපලයක්,

මොන නුග කිව්වා…. 
මොනනුග නෙවේ 
අනිච්ඡානුග …..
අනිච්ඡානුග….. 

“තේරුම් ගැනීම – Understanding” කියන්නේ passive skill එකක්, ඒ කිව්වේ දෙයක් තේරුම් ගැනීමට ජරබරස් නැති,  ගානට වැඩකරන ෆයින්ටියුන්  බ්රෙයින්ස් එකක් තිබ්බොත් ඇති.

සරලයි……. ස්ටෙප් දෙකයි……

1. කන් දෙක හොඳින් ඇරලා මොළේට යැව්වා.

2. මොළ අයියාගෙන් තේරුම අහගත්තා.

මං මගේ ඔළුවේ ඉන්න කෙනාට කියන්නේ සාකියා කියලා.  සෑම්පල් එකක් දෙන්ඩද?

(වරහන් තුළ ඇති ඩයලොග් මොළය සමඟ මිලිතප්පර ගණන් වලින් සිදුවන ටෝක්ස් බව කරූණෑවෙන් සලකන්ඩ එටිසලට් නොවේ)

පොශ් යාළුවෙක්: hey machan, after long-time, how you doing girl….

මම: (නෙදකින් මේ අරූනේද, සික් කෙටුවා නේද, කඩ්ඩෙන්ම. )

සාකියා: (හම්මට නංගී මුට නම් ලැජ්ජ උණොත් නෝන්ඩි ඈ.)

මම: hi…  I’m doing good, how r u? (අනේ දෙයියනේ ඉක්මන්ට මෙතනින් මාරු වෙන්න ඕනේ, සාකියෝ මොනවාහරි කරං )

පොශ් යාළුවා:  I’m good men, just came back from ausi, hope to meet all of our friends too, planning to join with dad machan. as you know with ma ……

මම: (මුගේ අප්පට …. යකෝ හිමින් කියාං, අයියෝ කෝකට හිනාවෙන්ඩද කෝකට අඬන්නද? හිනාවෙලා ශේප් කරගන් අවන්තියෝ… ඔළුව වනහන්  ගොනෝ තේරුණා කියලා ) හී හී …. යා යා…

සාකියා: (නෑ යකෝ ඌ ඕසී ගිහින් ආවේ මේ ළඟදීලූ, අපේ සෙට් එකේ උන් හම්බවෙන්ඩ ඕනෙලූ, උගේ අප්පා එක්ක එකතුවෙන්ඩ ඕනෙලූ මොනාටදෝ)

ඔන්න මේවගේ අවස්ථාවක වැඩේ ලේසි අපේ මොළය හරහා අපට පණිවිඩය එනවා මොකද්ද වෙන්නේ කියලා. සාමාන්යපෙළ විද්යාව සිම්පල්.ඉස්කොලේ ඉද්දී, එදිනෙදා කථාබස් වලදී අපේ මොලේට කාවැදිලා ඔය වචන, අපි නොදැනුවත්ම.

ඒත් ” කථා කිරීම – speaking” කියන්නේ active skill එකක්, ඉච්ඡානුග ක්‍රියාවලියක්, කියපු දේ තේරුම් අරන්, අදහස අරගෙන උත්තර දෙන්න ඕනේ අපේ වචන වලින්, ටිකක් කොම්පෙලෙක්ස් වැඩේ. සෑහෙන්ඩ බරපතලයි. සාකියාගෙන්ම සෑම්පලයක් බලමු.

බිස්නස් මීටින් එකක් කියලා හිතමුකෝ

Client: so I want you to develop a website for ma company and I can pay you extra for social media marketing and kinds of stuff.

මම: (හරිනේ හරිනේ දීපන්කෝ උත්තර, සාකියා සාකියා…)  yes sir

සාකියා: (ගොන් බෝලේ අපේ කම්පැනිය කරන ඒවා කියපං, ගාණත් එකක්ම.)

මම: (එළ එළ ) sir web development 40000, social media marketing can do under 20,000

Client: hmm well what are the strategies you are planning to suggest us today.

මම: (බුදු සෑර් ඕක දියන් යකෝ, දෙයියනේ උගුරකට වේලිලාත් එක්ක, අයියෝ මුහුණම බලං ඉන්නවනේ, අඩ එරුම මාඩේ, සාකියා සාකියා පීස් ගිව් මී වචන පීස්…… )

සාකියා:  කීක් ….. කීක් …. කීක්……

මම: (සීවරං දෙයියනේ සාකියා ස්ටක් වෙලාද, අනේ මේ පැත්ත හිරිවැටිලා වගේ.)

Client: hey are you okay? listen, I don’t have time to waste.

මම: (දිව අග තියෙනවා මහත්තයෝ කටින් එන්නේ නෑනේ වචන, අනේ මැරියං මාව සාකියෝ…. බුරූවෝ, ඉංග්‍රීසි මිස්ගේ මුහුණත් මැවෙනවා)

Client: am I joke to you? get lost!

මේ වගේ experience තියෙනවා ඇතිනේ ඔයාලට,

1. අදහස් ප්රකාශ කිරීමට ප්රමාණවත් වචන (words/ grammar) නොමැති වීම.
2. හීන මානය – වැරදුණොත් හිනාවෙයි කියන සිතුවිල්ල
3. ආත්ම විශ්වාසය මදි බව.

03 Creative ways to improve your “Spoken English”

http://www.thekadda.com/articles/03-creative-ways-to-improve-your-spoken-english/

මෙන්න මේ හේතු 3 ප්රධාන වශයෙන් බලපානවා මේ වැඩේ දී, ගොඩක් අයට තියෙන්නෙ 1 ප්රශ්නය, අඩු වැඩි වශයෙන් 2, 3ත් බලපානවා.
ඉතින් තේරුම් ගන්න පුළුවන් කියන එක මහලොකු දෙයක් නෙවෙයි කියලා දැන් තේරෙනවා නේ, හිංඳි පිලුම් බලනෝ කියලා පිල්ම් එක තේරුණාට හිංදී කථා කොරන්ඩ බෑනේ ආයූබොවන්ඩ, ඒකට ඉතීම් වැරදි වැරදි හරි කථා කොරන්ඩ ම වෙනවා. හුම්……

 🙊🙉🙈

Leave a Reply

Your email address will not be published. Required fields are marked *