උදේ ඉදන් රෑ වෙනකන් ගෙවෙන ඔන්ලයින් ජිවිතේ English නැතුවම බැරි වෙලා. එදිනෙදා ජිවිතයේ කතා කරන්න, කෙසේ වෙතත් අන්තර්ජාලයේ තියෙන මහා දැනුම් සම්භාරය තේරුම් ගන්නත් දැන් අපිට English නැතුව බැහැ. එහෙම නේද?

මුලින්ම අද මං කියන්න හදන්නේ, නොමිලේ English ඉගෙන ගන්න පුළුවන් Website පහක් ගැන. 2011 කියන්නේ මගේ ජිවිතේ පැය 24ම අන්තර්ජාලයටම ගෙවුණු අවුරුද්දක්. මේ Website වලින් තුනක්ම මගේ එදිනෙද ජීවිතයේ English භාවිතය වෙනස් කරපු තැන තුනක් .

එහෙනම් අපි බලමු ඒ මොනවද කියලා ….

1. BBC LEARNING ENGLISH – https://www.bbc.co.uk/learningenglish/

ඔයාගේ ඉංග්‍රීසි දැනුම මොකක් උනත් beginner level එකේ ඉඳන් advance level එකක පවා ඉන්න ඕනෑම කෙනෙක්ට follow කරන්න පුළුවන් Resources , Exercises, Courses මේ වෙබ් පිටුවෙන් ඔයාලට ගන්න පුළුවන්. ළමා ශිෂ්‍ය හා වැඩහිටි ඕනෑම වයස් කාණ්ඩයකට ගැළපෙන මේ website එක මගේ අංක 1 තේරීමයි.

2. BRITISH COUNCIL LEARN ENGLISH – http://learnenglish.britishcouncil.org/

ශ්‍රී ලංකාවේ අපි පොඩිකාලේ ඉඳන්ම ඉගෙන ගන්නේ BRITISH ENGLISH . ඉතින් අපි FOLLOW කරන්නම ඕන WEBSITE එකක් තමයි මේ.

VIDEO /AUDIO හරහා මුළු ලෝකයටම FREE ENGLISH COURSES අපට BC හරහා ලබා දෙනවා.

BC වල මං කැමතිම FEATURE එක අපිට පුළුවන් වෙන රටවල අය එක්ක පවා කථා කරන්න. විශේෂම දේ මේ අය අපට ඉංග්‍රීසි බෑ කියලා හිනාවෙන්නේ වත්, අපව අපහසුතාවයට පත් කරන්නේ නෑ. ඔයාලත් උත්සහ කරලා බලන්න.

3. TED – https://www.ted.com/

TED TALKS කියන්නේ YOUTUBE වල ප්‍රසිද්ධ චැනල් එකක්. ඒ වගේම TED WEBSITE එකෙත් ඇති තරම් Audio / Video file තියෙනවා අපට අහන්න බලන්න පුළුවන්.

English වලට විශේෂ උන website එකක් නෙවෙයි. එත් PRACTICAL ENGLISH වලට අපිට මේ site එකෙන් ලොකු උදව්වක් ගන්න පුළුවන්.

විවිධ මිනිසුන් විවිධ කථා විලාසයන්ට අනුව English හා English grammar යොදා ගන්නා විදි අපිට බලාගන්න පුළුවන්. විශේෂයෙන් හැම file එකකටම transcript file එකකුත් තියෙන නිසා වැඩේ තවත් ගොඩක් ලේසයි .

4. DUOLINGO – https://www.duolingo.com/

English vocabulary හා English Grammar දෙකම games හා quizzes වලින් මේ සයිට් එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්.

විශේෂයෙන්ම vocabulary practice කරන්න Duolingo තරම් තවත් තැනක් නැහැ. මොකද අපේ progress එක බලාගන්න පුළුවන් tracking system එකක් තියෙන එක තමයි වටිනාම දේ. මේකනම් ඔය බලන්නම් ඕනේ Website එකක්

5. CAMBRIDGE ENGLISH – https://www.cambridgeenglish.org/

stories වලින් English ඉගෙන ගන්න පුළුවන් මගේ 5 වෙනි තේරීම තමයි මේ. Inbuilt dictionary එකත් එක්ක ගොඩක් වෙලාවට මුල් කාලයේ මං බැලුවත් මේක. ගොඩක් සරලව විස්තර කරලා තියෙන lessons beginner කෙනෙක්ට ගොඩක් ගැළපෙනවා .

බෝනස් ……….

06. GRAMMARLY – https://www.grammarly.com/blog/

දැන් දෙන්න යන්නේ බෝනස් සයිට් එකක් විදිහට මෑත කාලයේ මන් follow කරපු site එකක් තමයි Grammarly. ඔව් ඔයා හරි English grammar extension එකක් විදිහට ඔයා දන්නා Grammarly බ්ලොග් එකටම ගිහින් බලන්නකෝ….

තවත් මේ වගේ වැදගත් ලිපියකින් ඉක්මනින්ම හමුවෙමු .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *