Spoken English වැඩි දියුණු කරගන්න ලේසි ක්‍රම හොයනවට වඩා හොඳ ක්‍රම 3ක් ගැන කතා කරන්න තමයි අපි දැන් මේ සුදානම් වෙන්නේ.

Lack of confidence අපිට English කතා කරන්න අමාරු වෙන්න එක හේතුවක්, වරදීවි කියන බයත් අනෙක් අයගේ උපහාසයට ලක් වෙන්න තියෙන බයත් නිසා 90%ක්ම වගේ අපි හරි බයයි English වලින් කතා කරන්න.

මෙන්න මේ ක්‍රම 3 දවස් 30ක් කරගෙන යන්න . පලවෙනි දවස ටිකක් අමාරු උනත් දවස් 30කට පස්සේ ඔයාගේ දියුණුව කොහොමද කියලා ඔයාටම බලාගන්න පුළුවන්.

1. Focus on phrases instead of Individual words.

භාෂාවකට Vocabulary ගොඩක් වැදගත්. ඒක ඇත්ත. මුල් කාලයේ වචන ඉගෙන ගත්තට අපිට කතා කරන්න තනි වචන විතරක්ම මදි.

Phrase එකක් කියන්නේ වචන කිහිපයක එකතුවක්. Spoken, Writing English දෙකටම phrases ලොකු කාර්යභාරයක් ඉටු කරනවා. අපි example එකක් අරන් බලමු.

Phrase – වාක්‍ය ඛණ්ඩ

on the roof – වහල උඩ

දැන් මේ තියෙන්නේ phrase එකක් (වාක්‍ය ඛණ්ඩයක් ) වහල උඩ තියෙන දෙයක් ගැන අපි විස්තර කරන්න ඕනේ නම්,

The kite is on the roof. – සරුංගලය වහල උඩ.

මේ සරලයිනේ,

නැත්නම් මේකම කියාගන්න දහ හතේ කල්පනා කරන්න ඕනේ, මොකද හදිස්සි වෙලාවකට අපිට වචන පැටලෙනවා.

Kite on the roof ද?

නැතිනම්,

Kite in the roof ද? කියල,

මේ වගේ අපි වාක්‍ය ගලපගන්න දන්නේ නැති එකට වචනයෙන් වචනයට මතක තියාගන්නවා වෙනුවට phrases විදිහට (වාක්‍ය ඛණ්ඩ විදිහට) මතක තියාගන්න එක හරි පහසුයි.

2. practise mini speeches every day.

බයිසිකලයක් පදින්නේ නැතුව අපිට බයිසිකලයක යන්න බැහැ. පීනන්න ඉගෙන ගන්නේ නැතුව පීනන්න බැහැ වගේම කතා කරන්නේ නැතුව ඉංග්‍රීසි කතා කරනවා කියන්නෙත් විහිළුවක් .

Pronunciation හදාගන්න නම් දවසගානේ කතා කරන්නම වෙනවා. හොඳම දේ තමයි වාක්‍ය 5ක් හැමදාම කටපාඩම් කරන එක පුරුදු වෙනකම්. ඒක කොහොමද කරන්නේ කියල බලමුකෝ..

මුලින්ම ඔයා කැමති නවල් එකක් කොටසක් හරි ෆිල්ම් එකක දෙබසක් හරි Internet එකේ mini story එකක් හරි වාක්‍ය 5ක් වගේ මුලින් පුරුදු වෙන්න. වාක්‍ය 5කින් පටන් ගන්න උත්සහ කරන්න. දවසින් දවස වාක්‍ය 1 ගානේ වැඩි කරගන්න බලන්නකෝ.

3. Use a mirror.

කොච්චර Vocabulary, Grammar, Pronunciation දැනගත්තත් Confidence නැතුව English කතා කරගන්න බැරි අවස්ථා නැතුවම නෙවෙයිනේ.

අර මුලින් කිවුව වගේ ලැජ්ජාව බය කියන දෙකට පුළුවන් අපිව පස්සට අදින්න.ඔන්න එකට කරන්න තියෙන්නේ අර වාක්‍ය ටික පුරුදුවෙලා කන්නාඩියක් ඉස්සරහට ගිහින් කියන එක. හරියට කන්නාඩියෙන් පෙනෙන ප්‍රතිභිම්භය වෙනත් කෙනෙක් කියල හිතල කතා කරන්න. වැරදි වැරදි හරි කතා කරන්න.

මේ ක්‍රමය ටිකක් අමාරුයි වගේ ඔයාට හිතුනත් මෙහෙම කන්නාඩියෙන් ඉස්සරහ කතා කරනකොට Confidence වැඩි වෙනවා වගේම වචන ගොතගැහෙන, වචන පැටලෙන වගේ ප්‍රශ්ණ පවා ගොඩක් අඩුවෙනවා.

අන්තිමට සරලව කිවුවොත්,

  1. Phrases එකතු කරපු වාක්‍ය 5ක් හදාගන්න
  2. හොඳින් කටපාඩම් කරගන්න.
  3. කන්නාඩියක් ඉස්සරහට ගිහින් ඒ වාක්‍ය ටික බය නැතුව කියවන්න.
  4. පලවෙනි දවස වාක්‍ය 5කින් පටන් ගත්තත් 30 වෙනි දවස වෙද්දී වාක්‍ය 620ක් විතර ඔයා හොඳට අධ්‍යනය කරලා ඉවරයි.
  5. එකදිගට බැරි උනත් දවස් දෙකෙන් දෙකට හරි මේ විදිහට කරලා බලන්න

උත්සහ කරන්න, තනියෙන් වාක්‍ය 10ක් වැරදි නැතුව කියන්න පුරුදු වෙන්න.

ඔයාට බැරි නැහැ………………..

ගිහින් එන්නම් <3 <3 <3

One thought on “03 Creative ways to improve your “Spoken English””

Leave a Reply

Your email address will not be published. Required fields are marked *